එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස බී.කේ. අතාවුද මහතා පත්ව තිබේ. ඒ සඳහා වන අක්ත පත්‍ර ඔහු එහි අධ්යක්ෂ ජනරාල් ඉරානා බොකෝවා මහත්මිය වෙත ලබාදී ඇත.
මෙහිදී අදහස් දක්වා ඇති අතාවුද මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ වගවීම, විනිවිද භාවය, ප්රජාතන්ත්රවාදය යන අංශ දියුණු කිරීමට අවධානය යොමුකරන බවයි.
නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති මෙන්ම ෆ්රැන්ක්ෆර්ට් කොන්සල් ජනරාල් වශයෙන් කටයුතු කර ඇති අතාවුද මහතා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වශයෙන්ද දේවය කර තිබේ.