යාපනයේ කොකුවිල්හි පිහිටි පොලිස් මාර්ග බාධකයකදී පසුගිය වසරේ ඔක්තෝබර් (20දා) අලුයම විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට පොලීසිය විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු ලබන වසරේ පෙබරවාරි මස (20දා) තෙක් කල් දැමීමට යාපනය වැඩබලන දිසා විනිසුරු ගායත්‍රී සායිලවන් මහත්මිය ඊයේ (28දා) නියෝග කළාය.
අදාළ නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී විනිසුරුවරිය විසින් අදාළ නියෝග නිකුත් කරන ලදී.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විනිසුරුවරිය විසින් රහස් පොලීසිය විසින් ලබා දිය යුතු වාර්තාව ඉල්ලා සිටි අතර එහිදී එම වාර්තාව සපයා දීමට රහස් පොලීසිය විනිසුරුවරියගෙන් කල් ඉල්ලා සිටියේය.
විජයකුමාර් සුලක්ෂන් හා නඩරාජා ගජන් යන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී පොලීසිය විසින් වෙඩි තැබීම නිසා ඔවුන් මරුමුවට පත් වූ අතර ඒ සම්බන්ධයෙන් පොලීසියේ හයදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
සිද්ධියට සම්බන්ධව බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් සැකකරුවන් මීට මාස දෙකකට පමණ ඉහතදී යාපනය මහාධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබීය.