යාපනය මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂක මරුට
(UPDATE) 10.50 AM
යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසාගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරී ලෙස කටයුතු කළ පොලිස් සැරයන් හේමචන්ද්‍ර මහතා යාපනය මහ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.ඊයේ (22දා) යාපනයේදී ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය.
7.27 AM
යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ඊයේ (22දා) යාපනයේදී වෙඩි තැබිමක් සිදුව තිබේ. මෙම වෙඩි තැබීමෙන් මහාධිකරණ විනිසුරුවරයාට කිසිඳු හානියක් සිදුව නොමැත.
නල්ලූර් කොවිල පිටුපස මාර්ගයක ඔහු රැගත් මෝටර් රථය ගමන් කරමින් සිටින විට වෙඩි තැබීම සිදුව තිබේ. වාහනය ගමන් කළ මාර්ගය හරස්කර තිබියදී ආරක්ෂක නිලධාරියා එය ඉවත් කිරීම සඳහා ආරක්ෂාව සඳහා ගමන් ගත් යතුරු පැදියෙන් බැස ගිය විට ඔහුගේ ගිනි අවිය රැගෙන මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයා බරපතල තුවාල ලබා යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. තවත් පොලිස් නිලධාරියෙකු අනතුරින් බේරී තිබේ.
මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කරන්නේ එය තමා ඉලක්ක කර ගත් වෙඩි තැබීමක් බවයි. විද්‍යා ඝාතන නඩුව විභාගයට ගන්නා විනිසුරු මඩුල්ලේද ඉලන්චේලියන් මහතා කටයුතු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

