යාපනය කෝපායිහිදී පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. අද (01දා) මෙම අත්අඩගුවට ගැනීම සිදුකර තිබේ.
තිවරාසා මධුෂාන් (මධූ) නැමැති අවුරුදු 20ක තරුණයෙකු හා විජයරත්නම් සිවරාජ් නැමැති අවුරුදු 23ක තරුණයෙකු මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
ඔවුන් යාපනය හා කෝපායි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද (01දා) යාපනය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.