යාපනය පොලිස් නිලධාරින් යළි රිමාන්ඩ්
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුව ඝාතනය කළේ යැයි සැකපිට අත් අඩංගුවට ගෙන සිටින යාපනය පොලීසියේ හිටපු පොලිස් නිලධාරීන් පස්දෙනා හයවන වතාවටත් අද (13දා) යාපනය අධිරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇප ලබාදීම යාපනය දිසාවිසුරු එස්. සදීස්කරන් මහතා ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව සැකකරුවෝ ජනවාරි 27දා දක්වා බන්ධනාගාරගත කෙරිණ.
ඇප ලබාදීමට තරම් සාධාරණ හේතුවක් නොමැති බව ප්‍රකාශ කළ දිසා විනිසුරුවරයා මෙම සැකකරුවන්ගේ ජීවිතවලට යම් අනාරක්ෂිත බවක් ඇති බවට නීතිඥයින් විසින් දැනුම්දීම නිසා සැකකරුවන් තවදුරටත් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා නඩු වාර දිනයන්ට පමණක් යාපනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කොට සිටියේය.
පසුගිය ඔක්තෝම්බර් 20 වනදා රාත්‍රියේ යාපනය සරසවියේ කලා පීටයේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි නඩරාජා ගජන් හා 24 හැවිරිදි විජයකුමාර් සුලක්ෂණ් යන අය චුන්නාගම් කන්දරෝඩයි ප්‍රදේශයේදී වෙඩි පහරකට ලක්ව හා අනතුරකට ලක්ව මිය යාමෙන් පසුව එදින රාජකාරියේ යෙදී සිටි මෙම පොලිස් නිලධාරීන් පස්දෙනා සැකපිට අත්අඩංගුවට ගැනුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
