යාපනයේ වෙඩිතැබූ සැකකරු ලබන අගෝස්තු මස 08 දක්වා රිමාන්ඩ්
යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (25දා) සවස යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අගෝස්තු මස 08 දක්වා රිමාන්ඩ් කිරීමට යාපනය මහේස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා නියෝග කළේය.
යාපනය වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන 39 හැවිරිදි සෙල්වරාසා ජෙයන්තන් නැමත්තා අද (25දා) උදෑසන යාපනය පොලීසියට ඥාතියෙකුද සමග බාරවීමෙන් පසුව සැකකරු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිස් ප්‍රශ්න කිරීම්වලින් පසු යාපනය මහේස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතාගේ නිල නිවසට ප්‍රධාන සැකකරු රැගෙන යෑමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමෙන් හිටපු පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතා මියගිය අතර, තවත් පොලිස් නිලධාරියෙක් තුවාල ලැබීය.
වෙඩි තැබීමෙන් පසු ප්‍රධාන සැකකරු පලාගොස් තිබූ අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වෙමින් තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

