යාපනයේ කුඹුරක ළිඳකින් කොටි ආයුධ තොගයක් හමුවෙයි
යාපනය, අරාලි උතුරු ප්‍රදේශයේ කුඹුරක අත්හැර දමන ලද ළිඳක තිබූ යුද උපකරණ රැසක් ඊයේ (30දා) හමු වී ඇති බවට යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසිය කියා සිටියේය.
කුඹුරු හිමියා විසින් අදාළ ළිඳ පිරිසුදු කිරීමට යෑමේදී මෙම යුද උපකරණ තොගය දැක ඇති අතර, පසුව ඒ බව යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසියට දැනුම් දී තිබේ. පසුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට දැනුම්දීමෙන් පසු එහි නිලධාරීන් පිරිසක් පැමිණ අදාළ යුද උපකරණ තොගය ආරක්ෂාකාරීව ගොඩට ගෙන ඇත.
අදාළ යුද උපකරණ තොගය අතර ටී56 ජීව උණ්ඩ 14972ක්, එම්.පී.එම්.ජී. ජීව උණ්ඩ 1160ක්, මෝටාර් ෆියුස් 10ක්, ග්‍රෙනේඩ් ලෝන්චර් 10ක්, මෝටාර් උණ්ඩ 22ක් සහ ආර්.පී.ජී.සෙල් 02ක් තිබූ බව සඳහන් වෙයි.
මෙම යුද උපකරණ තොගය යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දමන්නට ඇති බවට සැක පළකරන අතර, යාපනය වඩ්ක්කොඩ්ඩෙයි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
ගොඩගත් යුද උපකරණ තොගය අධිකරණ නියෝගයක් මගින් අද (31දා) දින විනාශ කරදැමීමට පියවර ගෙන තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




