යාපනය මහාධිකරණ විනිසුරුවරයාට ආරක්ෂාව සපයමින් සිටියදී ඝාතනය වූ පොලිස් සැරයන්වරයාගේ බිරිඳ යළි පොලාස් සේවයේ පිහිටුවන ලෙස පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
නිවසට ආසන්න පොලීසියක රාජකාරිකටයුතුවල යෙදවීම මූලික කරගනිමින් මෙම ඉල්ලීම කර තිබෙන අතර, පොලිස් සැරයන්වරයාගේ බිරිඳ මීට වසර 11කට පමණ පෙර පොලිස් කොස්තාපල්වරියක ලෙස සේවය කර ඇත.
මේ අනුව අදාළ තනතුරේ පිහිටුවීම වෙනුවෙන් මෙම ඉල්ලීම කර තිබෙන අතර, මියගිය පොලිස් සැරයන්වරයා උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමටද පොලිස්පතිවරයා මීට පෙර කටයුතු කළේය.