යාපනයේදී වෙඩි ප්‍රහාරයකින් මිය ගිය පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබේ. පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් මෙම උසස් කිරීම සිදුකර ඇත.
යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසාගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ සරත් ප්‍රේමචන්ද්‍ර මහතා පසුගිය සති අන්තයේදී යාපනය නල්ලූර් කෝවිල අසළදී සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්විය.