යාපනය කෝපායිහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පිරිසෙහි ප්‍රධාන සැකකරු ආවා කල්ලියේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කියා සිටියේය.
පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ යාපනයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.
‘මේ පහර දීමට යතුරුපැදි 7 කින් පමණ 15 දෙනෙකු පමණ සහභාගි වෙලා තියනව කියලා දැනට තොරතුරු ලැබී තිබෙනවා. මෙම පහර දීමේ ප්‍රධාන සැකකරු ආවා කල්ලයට සම්බන්ධ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු කියල තමයි දැනගන්නට ලැබෙන්නේ. ඊට අමතරව තවත් 06 දෙනෙකු පිළිබඳ තොරතුරු ලැබිලා තියෙනවා. මේ පහර දීමට පැමිණි පිරිස් සියල්ලන්ම තරුණයන් කියලා තොරතුරු ලැබිලා තියනවා.
පවතින තත්වය පාලනය කිරීමට හා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව, ගුවන් හමුදාව හා යුද හමුදාවෙත් සහාය ලබාගෙන තිබෙනවා. ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම පියවර අරන් තියනවා. විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවලා තියනවා. ඒ වගේම අමතර පොලිස් මුර සංචාර කිහිපයක් යොදවලා තියනවා. මේ ක්‍රියාවලියට මාධ්‍යයෙත් සහාය අවශ්‍යයි.”