යාපනය, චුන්නාකම් රොට්ටයාල්ලඩි මන්සන්ධියේදී ඊයේ (02දා) රාත්රියේ නාඳුනන යතුරු පැදි කණ්ඩායමක් විසින් තරුණයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා දමා පලා ගොස් ඇතැයි චුන්නාකම් පොලීසිය පවසයි.
සින්නරාසා ශ්රීකාන්ත් හා යෝගරාසා අනෝස් නැමැති තරුණයන් දෙදෙනා මෙම පහරදීමට ලක්ව තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ ඔවුහු රෝහල් ගත කොට සිටිති.
අදාළ තරුණයන් දෙදෙනා එදින රාත්රී 11.30 ට පමණ කේ.කේ.එස්.මාර්ගයේ ගමන් කරමින් සිටි අවස්ථාවේ පැමිණි නාඳුනන යතුරුපැදි කරුවන් කිහිපදෙනෙකු විසින් ඔවුන්ට තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් ඇත.
පහරදුන් කණ්ඩායම හෝ පුද්ගලයෙකු මෙතෙක් හඳුනාගෙන නොමැත.
මෙම සිදුවීමද ආවා කල්ලියේ ක්රියාවක් යැයි චුන්නාකම් පොලීසිය සැක පළ කරයි. චුන්නාකාම් පොලීසිය අදාළ කණ්ඩායම සොයා මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.