යහපාලන පොරොන්දු ලබාදී බලයට පැමිණි රනිල්-මෛත්‍රී ආණ්ඩුව මැරකම්වලින් චන්ඩිකම්වලින් ජනතාව මර්දනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේනිසා ජනතාව යහපාලනය වෙනුවෙන් තබා තිබූ සියලුම බලාපොරොත්තු සුන්වී ගොස් තිබෙන බවත්, මෙම හවුල් ආණ්ඩුවත් රාජපක්ෂ ගිය පාරේම ගමන් කරමින් සිටින බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.