කවුරු කුමන තීන්දු තීරණ ගත්තද වර්තමාන ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය 2020 දක්වා එලෙසම පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය වැළැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තවම කිසිඳු තීරණයක් ගෙන නොමැති බවද පවසා සිටියේය.
පක්ෂ තුළ යම් යම් අර්බුද පවතින බවත්, එය සෑම පක්ෂයකටම පොදු බවද අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහ ලේකම්වරයා සඳහන් කළේය.