යහපාලන සංකල්පයෙන් බැහැරව තිබූ සමාජයක යහපාලන සංකල්පය කි‍්‍රයාත්මක කිරීම පහසු කාර්යයක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. හැකි උපරිම අන්දමින් යහපාලන සංකල්පය අනුව කටයුතු කර එම අභියෝගය ජය ගැනීමට සියලූදෙනා කැපවිය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලද්දේ “යහපාලනය පිළිබද බෞද්ධ පරමාදර්ශය” නම් ග්‍රන්ථය ජනගත කිරීමේ අවස්ථාවට අද (16) පස්වරුවේ කොළඹදී සහභාගීවෙමිනි.
යහපාලනයේ වැදගත්කම ලෝකයට කියාදිම සදහා බෞද්ධ දර්ශනය තුළින් යහපාලන සංකල්පය පිළිබද කෘතියක් රචනා කරන ලෙස ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනයකට අනුව යුනෙස්කෝ මූලස්ථානයේ ආගමික කටයුතු අධ්යක්ෂ හා ප්‍රංශයේ සෝබොන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය තම්පලාවෙල ධම්මරතන හිමිපාණන් වහන්සේ සහ එම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆරුකොස් චෙනට් මහතා විසින් Buddhist Ideais of Good Governance නමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
අතිපූජ්‍ය දවුල්දෙන ඥානීස්සර මහානායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, විජයදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් රංග කලංසූරිය යන මහත්වරුන් ඇතුථ දෙස් විදෙස් විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.