පොල්ගහවෙල සිට මොරටුව බලා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රියේ එංජිම ගැලවී තිබේ. කැළණිය දුම්රිය ස්ථානයට ආසන්නයේදී මීට සුළු මොහොතකට කලින් මෙම සිදුවීම සිදුවූ අතර, දුම්රියේ ඉදිරිපස කොටස නොනවත්වා ඉදිරියට ධාවනය කොට තිබේ. පසුපස කොටස (එන්ජිම හා කෝච්චි පෙට්ටි) දුම්රිය මාර්ගයේ නැවතී තිබේ.
මේ හේතුවෙන් වත්තල සිට කොළඹ - මහනුවර ප්රධාන මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගය සම්පූර්ණයෙන් ප්රවාහන කටයුතු ඇණ හිටි අතර, ඒ හරහා ගමන් කළ වාහන හා පදිකයන්නට අපහසුතා රැසකට මුහුණදීමට සිදුවිය.