මොරගහකන්ද ජලාශයට ජලය පිරීවීම මේ මස 11 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව මොරගහකන්ද ජලාශයේ උතුරු ඇළ ඉදිකිරීමත් එදිනම ආරම්භ කරන බවත්, ඒ සඳහා රුපියල් මිලියන 65000ක් වෙන්කර තිබෙන බවත් අද (09දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.