මොනරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වූ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් දෙකකට අද (08දා) පැය හයක් තුළ එල්ල වූ ප්‍රහාර දෙකක් නිසා ශිෂ්‍යයින් 8 දෙනෙකු තුවා ලබා තිබෙන බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
මෙහි ආසන්නතම පහරදීම අද දහවල් මොනරාගල සිරිගල ප්‍රදේශයේදී සිදුවී තිබෙන බවත්, එහිදී මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් හතර දෙනෙකු තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුළත් කර තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මෙහි පළමු සිදුවීම අද උදේ 7.00 ට පමණ මොනරාගල මදුරුකැටිය ප්‍රදේශයේදී සිදු වී ඇති බවත්, එහිදී ශිෂ්‍යයින් හතරදෙනකුට පහරදී එක් ශිෂ්‍යයෙකු පැහැරගෙන ගොස් පසුව ඔහු මහ මග දමා ගොස් තිබූ බවද ඒ මහතා පවසා සිටියේය.
මොවුන් සබරගමුව, කැලණිය සහ විවෘත විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් බවද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ගරාජ් අංක සහිත වාහන