මොණරාගල සහනාධාර ගැන පැෆරල් වෙතින් පෙත්සමක්
මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට නියං සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට පැෆ්රල් සංවිධානය බලාපොරොත්තු වන බව පවසයි. මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට නියං සහනාධාරය ලබාදීම තාවකාලිකව අත්හිටුවමින් අධිකරණය ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ඉල්ලා එය ගොනු කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
කෙසේ වෙතත්, මොණරාගල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින්, එසේ තාවකාලිකව අත්හිටුවනු ලැබූ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට සූදානම් කර තිබූ නියං සහනාධාර වැඩසටහන යළි කි‍්‍රයාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12දා) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට නියෝග කර තිබුණි.
ඒ අනුව, මෙම නියං සහානාධාරය අවශ්‍ය පුද්ගලයින්ට සාධාරණ ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා හරහා බෙදා දෙන ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.
ගෘහ ඒකකයකට රු.2500/- බැගින් ලබාදීමේ මෙම නියං සහානාධාර වැඩපිළිවෙල ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් පසුගිය 10 වැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබුණත් මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් මත එය මොණරාගල දිස්ත්‍රික්කයේ තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ, මොණරාගල දිස්ත්‍රික්කයේ පමණක් මෙවැනි ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීම ගැටලුසහගත බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වාදීම හේතුවෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
