මෛත්‍රි සමග එකට වැඩකළ හැක්කේ රනිල්ට පමණයි
ජනවාරි 08 වනදා ලබාදුන් යහපාලනයේ ජනතා තීන්දුව ඉදිරියට ගෙනයමින්, මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එකට වැඩකළ හැකි පාර්ලිමේන්තුවක් ඇතිකර ගැනිමට එක්සත් ජාතික පක්ෂයට මනාපය ලබාදිය යුතු බවත්, එලෙස එකට වැඩකළ හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. හෙතෙම මේබව පැවසුයේ මහරගම පැවති රුළියක් අමතමනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාඨලී චම්පික රණවක මහතා මෙසේ පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතික පෙරමුණ බලයට පැමිණිවිට රාජ්‍ය ආයතන විකුණන බවට දේශපාලන වේදිකාවල ප්‍රකාශ කරනවා. මහින්ද රාජපක්ෂ ගොඩනැගූ එකදු රාජ්‍ය ආයතනයක්වත් නැහැ. අද ලංගම ඩිපෝ වල සේවකයින්ට වැටුප් ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. මහින්ද රාජපක්ෂ හා කුමාර වෙල්ගම බස් 5000 ක් අධික මිලට ගෙනාවා. මේ බස් 5000 මිල වාරිකව ගෙවියයුතු වන්නේ ලංගමයි. ඒ නිසා ලංගම සිදු කරන්නේ මුලින්ම මෙහි වාරික ගෙවීමයි. අවසානයේ තමයි සේවකයින්ට පඩි ගෙවන්නේ. ලංගම බංකොලොත් කරලා සේවකයින්ට පඩි ගෙවන්නේ නැති තත්ත්වයට පත් කළේ රාජපක්ෂ පාලනය. යැයි පැවසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

