තමා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවට එක්තරා පුවත්පතක පළවූ ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රවෘත්තියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, පළාත් මහ ඇමතිවරයෙකු සමග මෛත්‍රීපාල සිරිසේන මහතා රහසේ හමුවී ඇති බව එම පුවත්පත වාර්තා කර තිබුණි.
මේ පිළිබඳව මන්ත්‍රිවරයා සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වවිම්න් පවසන්නේ තමන් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා හමුනොවූ බවත් හමුවීමට අදහසක්ද නොමැති බවත්ය.එසේම මාධ්‍ය මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ත පළකරන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කරයි.