මෛත්රී වෙනුවෙන් වූ යොවුන් පෙරමුණු මංගල රැලිය අද
පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ ජයග්රහණය තහවුරු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ විසින් දිස්ත්රික් මට්ටමින් පවත්වන තරුණ සම්මේලන රැලි මාලාවේ පළමු රැලිය අද (15දා) පස්වරුවේ පොළොන්නරුව නගරයේදී පවත්වන බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය.
දිස්ත්රික් මට්ටමින් පවත්වන යොවුන් පෙරමුණ තරුණ සම්මේලනය පොළොන්නරුව දිස්ත්රික්කයෙන් ආරම්භ කර අනිකුත් ප්රධාන රැලි ජාතික යොවුන් පෙරමුණ මගින් දෙසැම්බර් 19 වැනිදා මාතර නගරයේදීත්, දෙසැම්බර් 20 වැනිදා බදුල්ල නගරයේදීත්, දෙසැම්බර් 21 වැනිදා කුරුණෑගල නගරයේදීත්, දෙසැම්බර් මස 23 වැනිදා ගාල්ල නගරයේදීත් පවත්වන බව රුවන් විජේවර්ධන මන්ත්රීවරයා සඳහන් කළේය.
එසේම දෙසැම්බර් 27 වැනිදා ගම්පහ නගරයේදී ජාතික යොවුන් පෙරමුණ තරුණ හමුව පවත්වන බවද ඒ මහතා සඳහන් කළේය.
දෙසැම්බර් 28 වැනිදා කෑගල්ල නගරයේදී සහ දෙසැම්බර් මස 29 වැනිදා කළුතර දිස්ත්රික්කයේ ජාතික යොවුන් පෙරමුණ රැලි පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා පැවසුවේය. මෙම ජනහමුව සඳහා සරසවි යොවුන් පෙරමුෙණ් හා උපාධිධාරීන්ගේ සංගමයේ සහාය හිමිවන බවද විජේවර්ධන මහතා කීය. වත්මන් ආණ්ඩුවේ අවිධිමත් හා අකාර්යක්ෂම පාලනය හේතුවෙන් තරුණ පරපුරේ අපේක්ෂා කඩවී, බහුතරයක් තරුණ ප්රජාවට රට හැරයාමේ අපේක්ෂාවක් ඇති වී තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.
වත්මන් තරුණ පරපුර පවතින දුෂ්කරතා හා ආර්ථික ගැටලු සඳහා විසදුම් සෙවීමට කොරියන් භාෂා විභාගයට මුල් තැන දී ඇති බවත්, කොරියාවේ රැකියා ලබාගැනීමේ අපේක්ෂාව ප්රමුඛ කරුණක් වී ඇති බවත් ඔහු සඳහන් කළේය. පිරිසුදු නායකත්වයක් යටතේ මෛත්රී පාලනයක් වෙනුවෙන් ජාතික යොවුන් පෙරමුණද කැපවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

