මෛත්රී ඝාතනයට ආ කොටි කත ගැන නොකී කත හිරේ
2008 වසරේදී මෛත්රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා ඔහු ගමන්ගත් රථ පෙළට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කළ කොටි සාමාජිකාව පිළිබඳ තොරතුරු පොලිස් නිලධාරීන්ට හෙළි නොකළ බවට වරද පිළිගත් සිංහල කාන්තාවකට කොළඹ මහාධිකරණය මාස 06 ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කළේය.
එම සිරදඬුවමට අමතරව ඇයට රුපියල් 50,000 ක දඩයක්ද නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය එම දඩය නොගෙවුවහොත් තවත් අමතර මාස 06 ක සිරදඬුවමක් ඇයට නියම කළාය.
මෙලෙස දඬුවම් නියම වූයේ වැල්ලවත්ත ප්රනාන්දු පටුමගේ පදිංචි රන්තිබ්බටුගේ ආරියවතී නමැති 61 හැවිරිදි දෙදරු මවකටය.
2008 ඔක්තෝබර් මස 9 වැනිදා බොරලැස්ගමුව පිරිවෙන හන්දියේදී මෛත්රීපාල සිරිසේන මහතාව ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කරනු ලැබුවේ විජී හෙවත් ගජබාලනී නමැති කොටි කාන්තාව බවට තොරතුරු දනිමින්, ඒ බව පොලිස් නිලධාරියෙකුට දැනුම්දීම පැහැරහැරි බවට විත්තිකාරියට විරුද්ධව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

