ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග එකතු වී සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එම තනතුරුවලින් ඉවත් වන බවට තමන් වහන්සේට පැවසූ බව ‘පැවිදි හඬ’ සංවිධානයේ ලේකම් මණ්ඩල සභික මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්රකාශ කළහ.
මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජයගත නොහැකි බවට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිදුකළ ප්රකාශයට විරෝධය පළ කරමින් මෙම ඇමතිවරු ඉල්ලා අස්වීමට නියමිත බව උන්වහන්සේ සඳහන් කළහ.
උන්වහන්සේ මේ බව ප්රකාශ කළේ, නාරාහේන්පිට අභයාරාමයේදී අද (15දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.