මෛත්‍රීගේ විවාදය ශ්රීලංනිපය ලෙස ප්‍රතික්ෂේප කරනවා
කැබිනට් මණ්ඩලයේ සිටියදී රටේ යහපත වෙනුවෙන් කිසිදු විවාදයක් නොකළ ශ්‍රී ලං.නි.ප. හිටපු මහලේකම්වරයා දැන් යහපාලනය හා ප්රජාතන්ත්රවාදය පිළිබඳව විවාදයකට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයාට ආරාධනා කළත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව
ශ්‍රී.ලං.නි.ප. භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
ඊයේ (21දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලං.නි.ප.යෙන් ඉවත් වුවත්, තවමත් ශ්‍රී ලං.නි.ප. මහලේකම් ලෙස ලිපි ලියන මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රී ලං.නි.ප. සභාපති වන මහින්ද රාජපක්ෂ මහතා සමග විවාදයකට සූදානම් වූවත්, පක්ෂයක් වශයෙන් එය ප්‍රතික්ෂේප කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයට විරුද්ධ වන බව අමාත්‍යවරයා පවසා සිටියේය.
අමාත්‍ය ධුරය දරන කාලයේ කැබිනට් මණ්ඩලය තුළ රටේ යහපත වෙනුවෙන් විවාද ඇතිවූවත්, ඒ කිසිදු විවාදයකට මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී නොවූ බවද ඔහු සඳහන් කළේය.
මේ නිසා එවැනි කෙනෙකු සමග විවාදයට යාමත් ලජ්ජාසහගත බවත්, විවාදයක් අවශ්‍ය නම් ජනවාරි 09 වැනිදා අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසට සිරිසේන මහතාට ආරාධනා කරන බවත් භාණ්ඩාගාරික අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

