නැගෙනහිර පළාත් සභාව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිය සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.
අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඩබ්.ඩී.වීරසිංහ, ටී.එම්.ජයසේන හා චන්ද්‍රා තෙවරප්පෙරුම මන්ත්‍රීවරිය මෙලෙස ඒකාබද්ධ විපක්ෂයට එක්ව සිටිති.
එළැඹෙන 30 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ නැගෙනහිර පළාත් සභාවේ අවසාන සැසිය ඊයේ (28දා) පැවැති අතර එම සැසියට සහභාගි නොවූ මෙම මන්ත්‍රීවරු මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළහ.
අම්පාර වසන්ත චන්ද්‍රපාල / චමෝද්‍යා අමරජීව