මොනරාගල දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන කටයුතු සදහා යොදවා ඇති පුද්ගලික බස් රථ 60 කට වැඩි සංඛ්‍යාවක නීති විරෝධී මැතිවරණ ප්රචාරක ද්‍රව්‍ය (ස්ටිකර් සහ පෝස්ටර්) දකින්නට ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) පෙන්වාදෙයි. එසේම මෙම පෝස්ටර් ඇළවන්නේ බලහත්කාරයෙන් බව රියදුරන් හා කොන්දොස්තරවරුන් පවසන බවත් පොලීසිය කැෆෙල් සවිධානය කියයි.
මේ පිළිබඳව කැෆේ සංවිධානය අද (03දා) මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට ඇත. එසේම ඩිෆෙන්ඩර් රථ වලින් පැමිණ පහරදීම දිගින් දිගට සිදුවන බවත් බදුල්ල එජාප අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සහ හාලි ඇල එජාප සංවිධායක ජයන්ත කන්නංගර ගේ ආධාරකරුවෙකුට පහරදී තිබෙන බව කැෆේ සංවිධානය කියයි.
ඌව පළාත් සභා මැතිවරණයේ මේ දක්වා පැමිණිලි 178 ක් ලැබී තිබෙන බවත් එයින් පහරදීම් හා දේපළ අලාභ හානි කිරීම් 46 ක් වන බවත් කැෆේ කියයි. වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන පැමිණිලි 129 ක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් ලැබී තිබෙන බව කැෆේ සංචිධානය වැඩි දුරටත් කියයි.