මෙක්සිකෝවේ, මෙක්සිකේ සිටි අගනුවරට බලපෑ දරුණු භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 140ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි.
සහන සේවකයන් සුන්බුන් අතර සිටින පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් සිදුකරන අතර අර්ධ වශයෙන් කඩා වැටුණු පාසලක සිසුන් පිරිසක් සිරවී සිටින බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.
රික්ටර් මාපකයේ 7.1ක දරුණු භූකම්පනයෙන් බොහෝ ගොඩනැගිලි කඩා වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.