මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරයේ වෙනසක්
සියලුම මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීමේ දිනය හා තෙවන වාරය ආරම්භ කිරීමේ දිනය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
දිවයිනේ සියලුම මුස්ලිම් පාසල්වලට දෙවන පාසල් වාරයේ අදියර දෙකක් යටතේ නිවාඩු ලබාදීම සිදුවන අතර එහි පළමු අදියර යටතේ මෙම වසරේ මැයි මස 27 දින සිට ජුනි 27 දක්වා නිවාඩු ලබාදී තිබුණි.
එහි දෙවන අදියර සඳහා හෙට (18දා) සිට මෙම මස 27 දක්වා නිවාඩු ලබාදීමට නියමිතව තිබුණි. නමුත් සැප්තැම්බර් මස 01 වනදාට යෙදෙන හජ්ජි උත්සවය හේතුවෙන් එම නිවාඩු දිනයන්හි සංශෝධනයක් සිදුකර තිබේ.
ඒ අනුව සියලුම මුස්ලිම් පාසල්වලට දෙවන පාසල් වාරයේ දෙවන අදියර සඳහා හෙට සිට ලබාදීමට තිබූ නිවාඩුව අවලංගු වන අතර, ඒ වෙනුවට මෙම මස 31 සිට ලබන මස 08දා දක්වා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරය, ලබන මස 11 වන සඳුදා ආරම්භ කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

