දින පනහකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් මිලියනය බැගින් යූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (10දා) නියෝග කළාය.
ජනපති ලේකම් කාර්යාලයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මාධ්‍ය ප්‍රකාශකවරයා ඇප මත නිදහස් කළේ දරුවන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් බවද පැවැසුවාය.මුසම්මිල් මහතාට රට යෑම තහනම් කිරීමටත් මහසේත්‍රාත්වරිය නියෝග කළෙය.