මීරියබැද්ද ප්‍ර‘දේශය නාය යෑමෙන් නිවාස අහිමි වූ සියලුම දෙනාට නිවාස ඉදිකිරීම මේ මස 18 වැනිදා ආරම්භ කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
එක් නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 12ක මුදලක් වෙන්කර තිබෙන බවත්, මීට අමතරව නිවසට අවශ්‍ය සියලුම උපකරණ ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.
නිවසට අවශ්‍ය ජල සහ විදුලි පහසුකම් නොමිලේ ලබාදෙන බවත්, මීට අමතරව මීරියබැද්ද ප්‍ර‘දේශයේ තිබූ කෝවිලත්, කුඩා ක්‍රීඩා පිටියක්, ප්‍රජා ශාලාවක් ළමා උද්‍යානයක් ඉදිකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සඳහා අවශ්‍ය සියලුම මුදල් මේ වනවිට වෙන්කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.