මීගලෑව,ලස්සනගම ප්‍රදේශයේ විහාරස්ථානයක බුදු පිළිමයක් හා මැණික් ගල් කොල්ලකෑමට පිරිසක් පැමිණෙන බවට පොලීසියට තොරතුරු දුන් පුද්ගලයාට ත්‍යාගයක් පිරිනැමිමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර තිබේ. එම ත්‍යාගය පොලිස් ත්‍යාග අරමුදලින් ලබාදීමට නියමිතය.
ඊයේ (24දා) රාත්රියේදී පොලීසියට ලැබුණ තොරතුරක් මත සැකකරුවන් පරීක්ෂා කිරීමට පොලීසිය කටයුතු කළේය.
එහිදි සැකකරුවන් පොලීසියට වෙඩි තබා ඇති අතර පොලීසිය එල්ල කළ ප්‍රති ප්‍රහාරයකින් එක් සැකකරුවෙකු මිය ගිය අතර අනෙක් සැකකරු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.