මිලියන 88ක මුදල් අත්අඩංගුවට
රුපියල් අට කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශ මුදල් සහ ශ්‍රී ලංකා රුපියල් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ විවාහක යුවළක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඊයේ (21දා) සවස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම යුවළ කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර , මෙම කාන්තාවගේ වයස අවුරුදු 22 කි.ඇය ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටින්නියකි. ඇගේ සැමියාගේ වයස අවුරුදු 24 ක් වන අතර, ඔහු කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක සේවය කරන්නෙකු වේ.
මොවුන්ගේ ගමන් මලු පරීක්ෂා කරීමේදී ඇමෙකානු ඩොලර් 45,000 ක් , යූරෝ 35,000 ක් , ඕමාන් රියාල් 4,000 ක් , බහරේන් ඩිනාර් 2,685 ක් , සෞදි රියාල් 599,500 ක් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 72,000 ක් සහ සහ ශ්‍රී ලංකා ලංකා රුපියල් 44,315,000 ක් තිබූ බව රේගුව ප්‍රකාශ කරයි.
මොවුන් දෙදෙනා ඩුබායි හි සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට මෙන්ම , එරට ව්‍යාපාරික කටයුතු කරන සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට , තම ගෙවීම් සදහා භාවිතා කිරීමට අවශ්‍ය ශ්‍රී ලංකා රුපියල් ඔවුන්ට වැඩි මිලට අලෙවි කිරීම සදහා මෙසේ නීතිවිරෝධීව රැගෙන ගොස් ඇති බව රේගුව අනාවරණය කර ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


