මැලේසියානු අග්‍රාමාත්‍ය මොහාඩ් නජීබ් බින් තුන් අබ්දුල් රසාක් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (17දා) උදෑසන 8.35 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියේය .
ඔහු සමග දූත පිරිස ලෙස 30 කු පමණ පැමිණ සිටි අතර , මෙයට පෙර දින වල එරට ඇමතිවරුන් 05 දෙනෙකු ද මෙම සංචාරය සඳහා සහභාගි වීමට මෙරටට පැමිණ සිටිති.
මැලේසියානු අග්‍රාමාත්‍යතුමා ඇතුළු දූත පිරිස මැලේසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.