තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග්රාමාත්ය ශ්රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව හෙට (17දා) දිවයිනට පැමිණීමට නියමිතය. රජයේ නිල ආරාධනාවක් අනුව අග්රාමාත්යවරයා ශ්රී ලංකාවේ සංචාරයට එක්වෙයි.
ඔහු දිවයිනේ රැඳී සිටින කාලය තුළ ජනාධිපති මෛත්රීපාල සිරිසේන, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරු ප්රධාන මැති ඇමැතිවරු මෙන් ම රජයේ ඉහළ පෙළ නිලධාරීහු විශාල පිරිසක් හමුවීමට නියමිතය.
අග්රාමාත්යවරයා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමවා නැවතත් එළැඹෙන 19 දා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.