ශ්රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණීමට නියමිත මැෙන මැලේසියානු අග්රාමාත්ය ශ්රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතාගේ පරිවාර ඇමති ලෙස ඉඩම් හා පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. මැලේසියානු අග්රාමාත්යවරයා හා එම ආර්යාව අනිද්දා ( 17 දා) ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
මැලේසියානු අග්රාමාත්යවරයා සහ එම ආර්යාව මේ මස 17 සිට 19 වැනි දින දක්වා තෙදිනක් ශ්රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය.