අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දායකත්වය සපයන විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා හම්බන්තොටදී ඊයේ (07දා) පහරකෑමට ලක්ව ඇතැයි පැවිදි හඬ සංවිධානය පවසයි.
එම සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේ අද (08දා) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන් සඳහන් කළේ කොළඹ මට්ටක්කුලිය, අනුරාධපුරය, කුරුණෑගල ඇතුළු පිට ප්‍රදේශවලින් හම්බන්තොටට ඊයේ මැරයන් ගෙනවිත් තිබුණු බවයි.
අධිකරණ නියෝගයක් කඩ නොවන අන්දමින් පිරිස සාමකාමී සත්‍යග්‍රහයට සූදානම් වනවිට එම මැරයන් භික්ෂූන් වහන්සේලාට පහර දුන් බවද උන්වහන්සේ පැවසූහ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයෙකු වශයෙන් සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවත් භික්ෂූන් වහන්සේලා පහරකෑමට ලක්ව සිටීම පිළිබඳව ඇමතිවරයා ලැජ්ජාවට පත්විය යුතු බවද ධම්මරංසි හිමියෝ කියා සිටියහ.