පොලොන්නරුව, මැදිරිගිරිය ප්රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලීමට පොලොන්නරුව පොලීසිය ඊයේ (23දා) සමත්ව තිබේ. නිවස වටලන අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් නව දෙනෙක්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අද (24දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඔවුන් සන්තකව තිබී රුපියල් 152000ක මුදලක්ද සොයා ගැනීමට පොලීසියට හැකිවි තිබේ.