මැතිවරණ ප්රචාරක කටයුතු මැ කො අධික්ෂණයට
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සිදුකරන සියලුම මැතිවරණ ප්රචාරක කටයුතු මැතිවරණ කොමිෂන් සභාව විසින් අධීක්ෂණය කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මේ වනවිටත් පක්ෂ ලේකම්වරුන් දැනුවත් කර තිබේ.
නීති උල්ලංඝනය කරමින් සිදුකරන ප්රචාරක කටයුතුවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිත බව වාර්තාවේ.
මීට අමතරව අධිකරණ ක්‍රියාමාර්ග නිසා මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වූ ආයතන 203ක ප්‍රමාණයේ හා මුද්‍රණ දෝෂ නිසා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නොහැකිවූ ආයතන 40ක මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම අද (04දා) සිදුකිරීමට නියමිතය.
එම ආයතන 243 නාම යෝජනා භාර ගැනීම මේ මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද වාර්තාවේ.
අවස්ථා දෙකකදී නාමයෝජනා භාර ගැනීම සිදුකළද පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 වන දිනට පෙර දිනකදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

