මැතිවරණ ප්‍රචාරණ කටයුතු 17දා අවසන්
- 12 09 2014
- 12:25
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඌව පළාත් සභා මැතිවරණයට මැතිවරණ ප්‍රචාරණ කටයුතු 17දා මධ්‍යම රාත්‍රියෙන් පසුව අවසන් කළ යුතු බවත්, කොට්ඨාස මට්ටමින් දැනට පිහිටුවා ඇති අවසරලත් මැතිවරණ ප්‍රචාරණ කාර්යාල 18දා මධ්‍යම රාත්‍රිය තෙක් පවත්වාගෙන යා හැකි බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
එසේම සියලු ප්රචාරක පුවරු හා සැරසිලි 17දා මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් කරගත යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
18 වැනි දා ස්ථාන පරීක්ෂා කිරීමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මූලස්ථානවල පොලිස් නිලධාරීන්ගෙන් හා විමර්ශන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් පැමිණෙනු ඇති බවත් කාර්යාලය පවසයි.
අවසරලත් පක්ෂ කාර්යාලවල ඇති ප්රචාරක පුවරු ඉවත් කරවීම 18දා සිට සිදු කරන බවත් 19දා පෙරවරුවේ සිට ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති පක්ෂ කාර්යාල ද ඉවත් කරගත යුතු බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
