මැතිවරණ නීති උල්ලංඝනය අපේක්ෂකයින් 40ක් අත්අඩංගුවට
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ඊයේ (31දා) දිනය වන විට පුද්ගලයන් 352ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිසෙන් 193 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඡන්ද පෝස්ටර් ඇලවීම හා ළඟ තබා ගැනීමේ චෝදනාව මතය. පෝස්ටර්, බැනර්, ධජ ප්රදර්ශනය කරමින් වාහන ධාවනය කිරීම හා ශබ්ද විකාශන යන්ත්ර භාවිත කිරීමේ චෝදනාව මත 42ක් අත්අඩංගුවට ගෙන තිබේ. බැන තර්ජනය කිරීම පිළිබඳ පැමිණිලි 103ක් ඊයේ (31දා) දිනය වන විට ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මීට අමතරව පහරදීමේ සිදුවීම් 48ක්, පෝස්ටර් හා කටවුට්වලට හානි කිරීමේ සිදුවීම් 40ක්, රජයේ වාහන හා රාජ්ය නිලධාරීන් මැතිවරණ කටයුතු වලට යොදා ගැනීමේ සිදුවීම් 04ක්ද වාර්තා වී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
දෙසැම්බර් 09 වන දින සිට ඊයේ (31දා) දිනය දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 126ක් හා මැතිවරණයට සම්බන්ධ සිදුවීම් පිළිබඳ පැමිණිලි 392ක් ලැබී තිබෙන බවත්, මේ අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 352න් 40ක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


