21 ක් සන්ධානයේ
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව පොලීසියට මේ වනවිට ලැබී තිබෙන පැමිණිලිවලට අනුව පුද්ගලයන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, එම පිරිසෙන් 21 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාක්ෂිකයන් බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් බහුතරයක් පොලිස් සහ අධිකරණ ඇප මත මුදාහැර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.