මැතිවරණ නිරීක්ෂකයන් ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට
ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට සහභාගි කරවා ගැනීමට මැතිවරණ කොමසාරිස්වරයා එකඟතාව පළකර තිබේ.
මැතිවරණ නිරීක්ෂණ
සංවිධාන නියෝජිතයන් හා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අතර ඊයේ (28දා) පැවති හමුවකදී මෙම එකඟතාවය පළවී ඇත.
ඒ අනුව දිවයිනේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 45 ක කටයුතු සඳහා සහභාගිවීමට ප්‍රධාන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හයකට අවසර ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා %අද^ පුවත්පතට පැවසීය.
දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි සිය ව්‍යාපාරය ඇතුළු ප්‍රධාන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කටයුතු නිරීක්ෂණය කිරීමට සහභාගි වන බවත්, ඒ සම්බන්ධයෙන් ඊයේ (28දා) දිනයේ මැතිවරණ කොමසාරිස්වරයා සමග මැතිවරණ නිරීක්ෂණ සංවිධානය දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

