ග්රාම නිලධාරීවරුන් විසින් ඡන්ද දායකයන්ට ලබාදෙන ලද ඡන්ද හිමි නාමලේඛන ප්රතිශෝධන ආකෘති පත්ර සම්පූර්ණ කර ජූලි 31 වැනිදාට පෙර බාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.
මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම සඳහා මෙම ආකෘති පත්රය සම්පූර්ණ කරන ලෙසත්, අදාළ නාමලේඛන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ලබන මස 10 වැනිදා සිට නාමලේඛන ග්රාම නිලධාරී කාර්යාලවල ප්රදර්ශනය කරන බවත් එම කොමිෂන් සභාව සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඡන්දය භාවිත කරන ඡන්ද දායකයෙකු වීමට නම් මෙම නාම ලේඛනයට නම ඇතුළත් කරගත යුතු බවද හෙතෙම පවසා සිටියේය.