අපේක්ෂකයෙකුට හා පක්ෂයකට මැතිවරණයේදී වියදම් කළ හැකි මුදල තවමත් සීමා කර නොමැති නිසා මෙවර මැතිවරණයේදී අපේක්ෂකයන් හෝ පක්ෂවලට ඡන්ද දායකයන් මුදලට ගතහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව පැපරල් සංවිධානය සඳහන් කරයි.
මෙතෙක් පළාත් පාලන ආයතනයකට වියදම් කළ මුදල එක් කොට්ඨාසයක වියදම් කිරීම දක්වා කුඩා වී තිබෙන බවත්, මේ හරහා එක් පවුලකට රුපියල් දස දහසක, පහළොස් දහසක මුදලක් වුවද වියදම් කිරීමට හැකියාව තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රොහාන් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මුදල් වියදම් කිරීම පිළිබඳ සීමා කරමින් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එක්ව සකස් කළ කෙටුම්පත ජනාධිපතිවරයා ඇතුළු මහජන නියෝජිතයන්ට මීට මාස දෙකකට පෙර ලබාදී තිබෙන බවද අද (19දා) පැවැති මාධ්‍ය සාකඡෘවේදී හෙතෙම පවසා සිටියේය.