පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්ධන් නායකත්වය දැරූ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා පත් කර තිබෙන බව වාර්තා වේ.ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ 15 වන වාර්ෂික සම්මේලනය ඊයේ (05දා) වව්නියාවේදී ආරම්භ වූ අතර එහිදී පක්ෂයේ විධායක සභාව රැස්වී නව තනතුරු සහ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවට වාර්තාවේ.