මාවයි සිරිසේන මහතායි වෙන් කිරීමෙන් කාටවත් වාසියක් නෑ
තමාව හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා වෙන් කිරීමෙන් කාටවත් වාසියක් නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද (12දා) මහනුවරදී දළඳා මාළිගාව වැද පුදා ගැනීමෙන් අනතුරුව ඔහු මේ බව ප්රකාශ කළේය.
“අපි වෙන් කිරීමේ කුමන්ත්රණයක් නෑ. ස්වාධීන මත ඉදිරිපත් කිරීමට කාටත් අයිතිය තිබෙනවා.මාවයි සිරිසේන මහත්තයයි වෙන් කළා කියලා ඒ අයට තිබෙන වාසිය මොකක්ද? එහෙම එකක් නෑ. ඒක බොරු කතාවක්.
අපි සමගියට කැමතියි. සම්පත් විකුණන්න ශ්රී ලංකා නිදහස් පක්ෂය දායක වුණා. දැන් ක්රියාත්මක වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්රතිපත්ති. අපේ කට්ටිය ගිහින් ඒ ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමට උපකාර කරනවා.
මේ ආණ්ඩුව අවුරුදු තුන ඇතුළත කරපු දේවල් පිළිබඳව රටේ ජනතාව දන්නවා. ආර්ථිකය කඩා වැටිලා. විරැකියාව වැඩි වෙලා. ජීවන වියදම අහසටත් උඩින් නැගලා දැන්. මේවට දායක වෙන අය සමග ගිවිසුමක් ගැහුවොත් අපිත් එකේ කොටස්කාරයෝ වෙනවා.
අපි කියන්නේ මේකෙන් පොඩ්ඩක් ඉවත් වෙන්න. එජාපයට කිසිම වාසියක් නෑ. මේ විනාශයට එක්සත් ජාතික පක්ෂය වග කියන්න ඕන.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


