මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව දිවයිනේ සියලු වෛද්‍යපීඨවල ශිෂ්‍යයන් එක්ව ඊයේ ( 15දා) ආරම්භ කළ රථ පෙළපාළිය හෙට (17දා) කොළඹ නගරයට පැමිණීමට නියමිතය.
මේ අනුව අනුරාධපුර, රත්නපුර, මහනුවර, කුලියාපිටිය, කරාපිටිය නගරවල සිට ආරම්භ කළ රථ පෙළපාළි කොළඹට පැමිණීමට කටයුතු යොදා තිබේ.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයට එරෙහිව ගෙනයන අරගලයට විශාල පිරිස් හා සංවිධාන හා දේශපාලන පක්ෂ එකතුවෙමින් පවතින බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.