මාලදිවයිනේ සිටින ශ්රී ලංකා සිරකරුවන් 15දෙනෙකුට නිදහස ලබාදීමට මාලදිවයින් ජනපති අබුදුල්ලා යමීන් අබ්දුල් ගයුම් කටයුතු කර තිබේ.
ශ්රී ලංකා ජනපති මහින්ද රාපක්ෂ මහතා කළ ඉල්ලීමක් අනුව මෙම නිදහස ලබාදී ඇති බව ජනපතිගේ ට්විටර් ගිණුම සඳහන් කළේය.
මාලදිවයිනේ තිබෙන ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම සිරකරුවන් නොබෝ දිනකින් ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.