2015 මාර්තු මාසයේ උද්ධමනය 0.1% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 0.6% සිට තවදුරටත් පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2015 පෙබරවාරි මාසයේ 0.6% ක් ලෙස පැවති අතර, එය 2015 මාර්තු මාසයේදී 0.1% ක් ලෙස මෙසේ පහළ ගොස් ඇත.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය පෙබරවාරි මාසයේ වාර්තා කළ 2.9% සිට නව වසරේ මාර්තු මාසයේදී 2.5% දක්වා පහළ යෑමක් පෙන්නුම් කර ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.