මහාධිකරණයක් නොමැති ශ්‍රී ලංකාවේ එකම පරිපාලන දිස්ත්‍රික්කය වන මාතලේ දිස්ත්‍රික්කයේද මහාධිකරණයක් ඉදිකිරීමට අධිකරණ අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයට අදාළ මහාධිකරණ නඩු සඳහා සහභාගිවීමට එහි ජනතාවට මහනුවර මහාධිකරණයට ගමන් කිරීමට සිදුවීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කර තත්ත්වයට පත්ව සිටියි.
මෙම මහාධිකරණයේ ඉදිකිරීම් ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. එසේම ලග්ගලට මහේස්ත්‍රිත් අධිකරණයක් ඉදිකිරීමට තීරණය කර ඇත.